2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

පැන්ෂන් හිමි හිටපු මන්ත්‍රීන් සංඛ්‍යාව බසී

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 74

I සංජීවිකා සමරතුංග

2019 වත්මන් රජය බලයට පත්වන විට හිටපු මන්ත්‍රීවරුන් 454 දෙනෙක් මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැබීමට හිමිකම් ලැබ සිටියහ. වසර 1970 සිට මේ දක්වා වරින්වර මැතිසබය නියෝජනය කළ මැති ඇමැති පිරිසක් මෙම කණ්ඩායමට අයත් වෙති.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට මෙම අයවැය ඉදිරිපත් වන තෙක් වසර 5ක් මැතිසබයේ සේවය කළ මන්ත්‍රීවරයකුට සියලු දීමනා ද එකතුව මසකට රු. 35,100ක පමණ විශ්‍රාම වැටුපක් ලැබුණි.

මෙවර අයවැය ලේඛනය අනුව මන්ත්‍රී විශ්‍රාම වැටුප් හිමිකම සඳහා වසර 10ක මැතිසබා කාලයක් සම්පූර්ණ කළ යුතු බැවින් දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීන් 454 දෙනාගේ ප්‍රමාණය අඩුවනු ඇතැයි දැනගන්නට තිබේ.

මේ වන විට ක්‍රියාත්මක වන වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් දෙදෙනා වන්නේ 1970 මැයි 27දා පැවති මහ මැතිවරණයෙන් බෙලිඅත්ත අසුන නියෝජනය කරමින් පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කිරිඇල්ල අසුන නියෝජනය කරමින් පත්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාරය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01