2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

නව තනතුරු ගණනාවක්

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 81

සංජීවිකා සමරතුංගl

ශ්‍රී ලංකා ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ධුරයට රේණුක පෙරේරා මහතා පත්කර ඇතැයි වාර්තා වෙයි. මෙතෙක් එම තනතුර දැරූ ශෂී වෙල්ගම මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත. මෙතෙක් ප්‍රමිති ආයතනයේ සභාපති වූ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්කිරීමට නියමිතය. ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා සබරගමුව ප්‍රධාන ලේකම් තනතුරටද ජනාධිපති විසින් පත්කරනු ලැබීය. මෙතෙක් එම තනතුර දැරැවේ රංජනී ජයකොඩි මහත්මියයි.

ආනයන තහනම තිබියදී ෆ්‍රීසර් ට්‍රක් දාහක් ගෙන්වලා

රජය දැනට වාහන ආනයන තහනමක් ක්‍රියාත්මක කළද 2020-2021 වසර තුළ මෙරටට ෆීසර් ට්‍රක් රථ එක්දහස් හැට හතරක් (1064) ආනයනය කර ඇතැයි වාර්තා වෙයි.  මේවා විවිධ ව්‍යාපාර සඳහා උපයෝගී කරගන්නා බව ප්‍රකාශ කරමින් ආනයනය කර ඇතත් ඉන් බොහොමයක් විධිමත් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බව රජයේ ආරංචි මාර්ග කියයි.

මාර්ග අනතුරක වැයබර රුපියල් කෝටියක්!

දිනෙන් දින විශාල ලෙස ඉහළ යන මාර්ග අනතුරුවලට ලක්වන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා එක් තැනැත්තෙකුට රුපියල් ලක්ෂ 10ත් ලක්ෂ 100ත් අතර මුදලක් රජයට වියදම් වන බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. එසේම එක් දිනකදී මාර්ග අනතුරැ නිසා මරණ 6ත් 8ත් අතර ප්‍රමාණයක් සිදුවන බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00