2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

හිටපු මහ ඇමැතිටයි ලේකම්ටයි අල්ලස් නඩු

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 200

I අධිකරණ වාර්තාකරු

උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රන්ජිත් මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ධුරය දැරූ එස්.එම්. ශාන්ති චන්ද්‍රසේන මහත්මියට එරෙහිව රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා නගමින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

ඉන්ධන දීමනාව සඳහා යැයි කියමින් රුපියල් ලක්ෂ 26ක පමණ මුදලක් අවභාවිත කිරීම ගැන මෙම දෙදෙනා චෝදනා ලබා තිබේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයෙන් පසු නඩු පැවරීම සිදු කළ බව අල්ලස් කොමිසම පවසයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00