
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වෙනස් කෙරෙන විෂයයන් සම්බන්ධ නාම ලේඛනයක් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට යවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
යෝජිත නම් හා කැබිනට් විෂයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අදහස් හා යෝජනා මැයි මස 01දාට පෙර ජනාධිපතිවරයා වෙත එවන ලෙස ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දී තිබිණි.
රජයේ මුහුණුවර වෙනස් කිරීමටත් ආණ්ඩුවේ සංවර්ධන ගමනට නව ජීවයක් ලබාගැනීමේ අරමුණත් හේතුවෙන් යෝජිත අමාත්‍ය සංශෝධනය මැයි 10දාට පෙර සිදුවීමට බොහෝදුරට වාර්තා වෙයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහොමයක් අමාත්‍ය සංශෝධනය සම්බන්ධයෙන් එකඟ නොවන බව ප්‍රකාශ කර තිබේ.
l දේශපාලන වාර්තාකරු