I අධිකරණ වාර්තාකරු
ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් කර තිබෙන කරුණු පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු රාජ්‍ය ඇමැතිනී නිරෑපමා රාජපක්ෂ මහත්මිය ලබන සතියේ අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමට නියමිත බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
පසුගිය දෙසතියේ වාර දෙකක් නිරූපමාගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අල්ලස් දූෂණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළේය. එහිදී ඔහුට නගා ඇති විදේශ වත්කම් චෝදනාවලින් බහුතරයක් ප්‍රතික්ෂේප කරන බව තිරැකුමාර් විසින් කොමිසමට දන්වන ලදී.
හිටපු ඇමැතිනී නිරූපමා රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කිරීමට යන්නේ ඇය නමට ඇති ජාතික ජාත්‍යන්තර වත්කම් පිළිබඳව පාර්ලිමේන්තුවට සපයන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශනවල සඳහන් කළේද? නොඑසේ නම් ඒ මන්ද යන කරැණු ගැන බව වැඩිදුරටත් වාර්තාවේ. වර්ෂ 1994 සිට 2015 දක්වා වසර 16ක පමණ කාලයක් ඇය මන්ත්‍රීවරියක නියෝජ්‍ය අමාත්‍යවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කර ඇත.