2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

පී.සී.ආර්. - ඇන්ටිජන් අහඹු පරීක්ෂණ වහාම අරඹන්න

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

I ගයාන් ගාල්ලගේ

හැකි ඉක්මනින් රට තුළ අහඹු පීසීආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එයට හේතුව වී ඇත්තේ පසුගිය දින තුන තුළ රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ නිසා බව ඒ මහතා සඳහන් කළේය. එනිසා වහාම අහඹු පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකළොහොත් තත්ත්වය නැවතත් ගැටලුකාරී විය හැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.