2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

අස්කරගත් අල්ලස් නඩු 20න් 10ක් යළි

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 184

I අධිකරණ වාර්තාකරු

අල්ලස් දූෂණ කොමිෂන් සභාව විසින් පවරා තිබූ තාක්ෂණික හේතු මත පසුගිය කාලයේ ඉවත්කරගත් නඩු 20කින් 10ක් නැවත පවරා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

ඉතිරි නඩුද පැවරීම සම්බන්ධයෙන් දැන් එහි නීති අංශ විසින් අධ්‍යයනය කරගෙන යනු ලබන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙලෙස අල්ලස් දූෂණ කොමිසම විසින් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් ගණනාවකට එරෙහිව පවරා තිබූ නඩු ඉවත් කරගත්තේ නඩු පැවරීමේදී කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් සහිත අනුමැතිය නොමැතිව නඩු පැවරීම නොකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් නිසාය.