2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

අද හෙටම රටේ බලශක්ති අර්බුදයක් - චම්පික රණවක

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 46

I ගයාන් ගාල්ලගේ

රටේ පවතින දරුණු මූල්‍ය අර්බුදය හමුවේ නුදුරේදීම රට තුළ බලශක්ති අර්බුදයක් ඇතිවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ අගයක් ගැනීම සහ බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 3.5ක් වන නිසා ඉදිරියේදී තෙල්, ගෑස්, ගල්අඟුරු ආනයනය දැඩි අර්බුදයකට ලක්වන බව හෙතෙම සඳහන් කළේය.

බැංකු පද්ධතියේ සහ මහ බැංකුවේ විදේශ වත්කම් ඍණ අගයක් ගැනීම නිසා රාජ්‍ය බැංකු දෙක විසින් නිකුත් කරන ණයවර ලිපිවලට විදේශ බැංකු අත්සන් නොකර මගහැරීම නිසා මේ තත්ත්වය බරපතළ වන බව චම්පික රණවක මහතා පැවසීය.