2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ස්වරණ නාඩු පොන්නි සම්බා රුපියල් 99ට

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 87

I දේශපාලන වාර්තාකරු

රටේ පවත්නා අධික සහල් මිල පාලනය සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද ස්වර්ණ නාඩු හා පොන්නි සම්බා සහල් කිලෝව රුපියල් 99/-ක මිලට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට කීය.

එහි ප්‍රථම තොගය දැන් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

වෙළෙඳපොළේ සහල් මිල ගණන් සාධාරණ මට්ටමට අඩුවන තුරු ඉන්දියාවෙන් සහ බුරැමයෙන් සහල් ආනයනය කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා බුරුමයෙන් සහල් ආනයනයට අදාළ අවබෝධතා ගිවිසුම බුරුම තානාපති කාර්යාලය සමඟ අත්සන් කළ බවද කීය.

ඉන්දියාවෙන් මිලට ගන්නා සහල් තොගය මෙට්‍රික් ටොන් ලක්ෂයකි. එහි මෙට්‍රික් ටොන් එක ඩොලර් 450කි.

මෙලෙස ආනයනය කළ සහල් තොග පසුගිය බදාදා වරායෙන් නිදහස් කර ඇති අතර ස.තො.ස අලෙවිසල්, පෞද්ගලික සුපිරි වෙළෙඳසල් හා සමූපකාර හරහා ඒවා අලෙවි කරන වගද අමාත්‍යවරයා කීය.