2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ලෝක පොළේ තෙල් - ගෑස් මිල ඉහළට

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

I සංජීවිකා සමරතුංග
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන හා ගෑස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල මෙයට මාස 6කට පමණ පෙර අමෙරිකානු ඩොලර් තුන්සිය පනහක් පමණ විය. දැන් එය දෙගුණ වී ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් හත්සීය දක්වා වැඩි වී ඇත.

එසේම ඉන්ධන මිලද මාස දෙකක් තුළ සෑහෙන පමණ වැඩි වී තිබෙන බව වාර්තා වෙයි.

මෙයට දෙමසකට පෙර අමෙරිකානු ඩොලර් හැට තුනත් හැට පහත් අතර පැවති බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල මේ සතිය වන විට අමෙරිකානු ඩොලර් අසූ තුනක් දක්වා ඉහළ ගොසිනි. මේ නිසා මෙරට ඉන්ධන සහ ගෑස් ආනයන වියදම සෑහෙන පමණ වැඩි වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.