2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කිරිපිටි සිමෙන්ති නගී

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 50

ගයාන් ගාල්ලගේ I

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ කිරිපිටි කිලෝවක් රුපියල් 1300 දක්වා වැඩි කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පසුගිය සිකුරාදා තීරණය කළේය.

ඒ අනුව මෙතෙක් කිරිපිටි ග්‍රෑම් 400ට පැවති කිරි පැකට් එකක් රුපියල් 520 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

මෙතෙක් කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ට පැවති අතර ග්‍රෑම් 400 රුපියල් 380කට පැවතිණි. කෙසේ වෙතත් මේ අතර සිමෙන්ති මිලද රුපියල් 100කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග හරහා පසුගිය සිකුරාදා අනාවරණය විය.