2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කළු කඩේ ඩොලරය බහී

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 54

I සංජීවිකා සමරතුංග

කොළඹ හරස් වීදිවල නිල නොවන මූල්‍ය වෙළෙඳපොළේ (කළු කඩයේ) ඩොලර් මිල ගණන් අඩු වී තිබේ. මෙයට මසකට පමණ පෙර අමෙරිකානු ඩොලරය කළු කඩයේ අලෙවි වූ උපරිම මිල රුපියල් 249ක් පමණ විය.

එහෙත් දැන් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 227කි. එසේම කළු කඩයේ ඩොලර් මිලදී ගන්නේ ඩොලරය රුපියල් 222 බැගිනි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක් සඳහා නියම කර තිබෙන වටිනාකම රුපියල් 202ත් 204ත් අතර පාවෙමින් තිබේ.