2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

තවත් ලක්ෂ 26කට කඩිනමින් එන්නත්

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 16

I සුගත් පී. කුලතුංගආරච්චි

ලංකාව තුළ මෙතෙක් එන්නත් ලබා නොගත් තවත් ලක්ෂ 26කට ආසන්න පිරිසකට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකිරීමට දැන් කටයුතු යොදා ඇත. මේ වන විට මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් ගණන එක් කෝටි විසි ලක්ෂයද පන්නා තිබේ.  

ලංකාවට විවිධ එන්නත් වර්ග 5කට අයත් (Moderna, Oxford/AstraZeneca, Pfizer/BioNTech, Sinopharm/Beijing, Sputnik V) මාත්‍රා තුන්කෝටි විසිහය ලක්ෂ අනූතුන් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබේ. ඒ අනුව මෙරට එන්නත්කරණ වැඩසටහන ඵලදායී මට්ටමකට ළඟාවෙමින් පවතී.

ලොව පුරා මේ වන විට බිලියන 6.39ක් එන්නත් ලබාගෙන ඇති අතර දිනපතා ලක්ෂ 236ක් අලුතෙන් එන්නත් ලබාගැනීම සිදුවෙයි. ඒ අනුව මේ වන විට ලෝකයේ සියයට 46ක ප්‍රමාණයක් එක් මාත්‍රාවක් හෝ ලබාගැනීමට සමත්ව ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01