2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

News බකට්

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 160

පළාත් සභාවට ශ්‍රීලනිපයෙන් ප්‍රබලයෝ 2ක්

I සංජීවිකා සමරතුංග

වයඹ හා උතුරැමැද පළාත් සභා මැතිවරණය කැඳවූ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනකු එම පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට තීන්දු වී ඇතැයි වාර්තා වෙයි. මේ දෙදෙනාම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන බව සඳහන්ය. 

ඡන්ද කල් ගියේ නීතිමය ආරෝවක් නිසා!

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් ගොස් ඇත්තේ ඊට අදාළ බරපතළ නීති ප්‍රශ්නයක් නිරාකරණය නොවීම හේතුවෙන් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ගරිෂ් වර්ධන් ශ්‍රීංග්ලා මහතාට දැනුම් දී තිබේ. එම පාර්ලිමේන්තුවේදී නිරාකරණය වූ සැණින් ඡන්දය පවත්වන බවද මුදල් අමාත්‍යවරයා ඉන්දීය විදේශ ලේකම්ට දන්වා ඇත. 

සංචාරකයන්ගෙන් 18%ක් ඉන්දියාවෙන්.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගෙන් 18%ක්ම පැමිණෙන්නේ ඉන්දියාවෙන් බව වාර්තා වෙයි. එහෙත් 2020 දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වූ ඉන්දීය සංචාරකයන්ගෙන් 74%ක් පමණ සිය ගමන් අවලංගු කර දැමුවේ කොවිඩ් වසංගතය හේතුවෙනි.