2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

සහල් මිල පාලනය 10 දෙනෙක් අතේ

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 250

I දේශපාලන වාර්තාකරු

රජයේ පාලනයෙන් ගිලිහුණු සහල් මිල පාලනය මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් 10 දෙනකු විසින් තීරණය කිරීමෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. මෙම මෝල් හිමියන් 10 දෙනාගෙන් සිව් දෙනකුම දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රබල පවුල්වල සාමාජිකයන් වීම විශේෂත්වයකි.

පසුගිය කාලයේ සහල්, වී සහ තවත් අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩ මිල පාලනයට රජය විසින් ගැසට් පත්‍ර 10ක් පමණ ප්‍රකාශයට පත්කළ අතර කලාතුරකින් සිදුවන පරිදි එම ගැසට් පත්‍ර 10ම පසුව අහෝසි කර දැමිණි. දැන් මහා පරිමාණ මෝල් හිමියන් විසින් සම්බා සහල් කිලෝවට රු.140 කුත් නඩු සහල් කිලෝවට රු.115කුත් කීරි සම්බා කිලෝවට රු.165 කුත් වන ලෙස මිල නියම කර තිබේ.

එහෙත් මෙරට සමස්ත සහල් නිෂ්පාදනයෙන් 60%ක් පමණ සපයන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළේ නාඩු වී කිලෝවක් රු. 60 කට මිලදී ගෙන එම හාල් කිලෝව රුපියල් 107 ටත් සම්බා වී කිලෝව රුපියල් 70 මිලට ගෙන එම සහල් කිලෝව රුපියල් 130 ටත් කීරි සම්බා වී කිලෝව රු.80 මිලට ගෙන එම සහල් කිලෝව රු.150 ටත් අලෙවි කරන්නට තමන් සූදානම් බවය. එය මහා පරිමාණ මෝල් හිමියන්ට කළ අභියෝගයකි.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවක්ද තබා මෙම මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබිණි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01