2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ගෑස් ගිවිසුම රහසක් - චම්පික රණවක

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 45

ගයාන් ගාල්ලගේ I

යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගම මගින් මිලදී ගැනීම බංකොළොත් සමාගමක් තමන්ගේ බංකොළොත් භාවය නැති කරගන්න බංකොළොත් ලංකාව අල්ලාගෙන කරන සෙල්ලමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

එම සමාගම 2015 සිට දරුණු ලෙස පාඩු ලැබූ ආයතනයක් බවත් පාඩු ලබන සමාගම් වෙත ලබාදෙන 6.5%ක පොලී අනුපාතය යටතේ ඩොලර් මිලියන 800ක ණයක් මේ හරහා ලබාගැනීමට සුදානම් වන බවද ඔහු සඳහන් කළේය.

මෙම ගිවිසුම හරහා ප්‍රධාන බලාගාර දෙකට ගෑස් ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම තවම රහසක් බවත් දැනගන්නට ඇති ආකාරයට එලෙස ගෑස් සැපයීම සහ අනෙකුත් සේවා සැපයුම් හරහා ඩොලර් මිලියන 1500ක ලාබයක් ලබන්නට මෙම සමාගම සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කීය.