2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් බුරුමයෙන් සහල් ගෙන්වයි

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

I සංජීවිකා සමරතුංග

රජය ඉන්දියාවෙන් හා බුරුමයෙන් සහල් ආනයනය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙයට මාස එකහමාරකට පමණ පෙර ඒ සඳහා වෙළෙඳ අමාත්‍යාංශය ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කර තිබුණි. එහෙත් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූයේ ගොවීන්ගේ වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණෙනි.

නමුත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිගින් දිගටම සහල් මිල ඉහළ දමමින් ජනතාව පීඩාවට පත් කරන නිසා මේ සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය සහල් ආනයනය කිරීමට තීන්දු කළේය. මුලින්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කෙරේ. එලෙස ගෙන්වන සහල් වර්ග හා පරිමාණයන් අද හෙටම තීරණය කොට අදාළ රටවල්වලින් මිල ගණන් කැඳවීමටත් සති කිහිපයක් තුළ මූලික තොග ලබාගැනීමටත් මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.