2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

තෙල් ණය හරිලු - උදය ගම්මන්පිල

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 65

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකාවට ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් කෝටි 360ක ණය මුදලක් වසර 20කින් නැවත ගෙවීමේ පදනම මත ඕමාන රජය ශ්‍රී ලංකාවට සැපයීමට ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දේශයට කීය.

මෙම ණය මුදල ඉතා සහනදායී කොන්දේසි අනුව පිරිනැමේ. වසර 5ක් යන තෙක් ණය හෝ පොලිය අය නොකෙරෙන සහන කාලයකි. ඉන්පසු ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇත. ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන 300 බැගින් එමගින් අප රට වෙත නිදහස් කිරීමට ඕමාන රජය දැනටමත් එකඟතාව පළ කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.