2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

විභාග කොමසාරිස් තනතුරට අයදුම්පත් කැඳවයි

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 96

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නොබෝ දිනකින් විශ්‍රාම යෑමට නියමිත හෙයින් නව විභාග කොමසාරිස්වරයකු පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දේශයට ප්‍රකාශ කළේය. 

නව විභාග කොමසාරිස්වරයකු පත් කිරීමේදී සුදුසු නිලධාරියකු නම්කොට කැබිනට් අනුමැතිය සඳහා යැවීම සාමාන්‍ය තත්ත්වය වුවද වැඩි විනිවිදභාවයකින් එය සිදුකිරීම සඳහා සේවා ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

නොබෝ දිනකින් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන් එකවර විශ්‍රාම යෑමට නියමිතව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ලේකම්වරයා ප්‍රකාශ කළේ දිවයිනේ අධ්‍යාපන පරිපාලන සේවයේ පාසල් 32ක, 1 ශ්‍රේණියේ අධ්‍යාපන පරිපාලන සේවයේ 2 සහ 3 පාසල් 20ක හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පාසල් 43ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විට ගැසට් කර ඇති අතර එහි අවසන් දිනය ඔක්තෝබර් 12දා බවයි.