2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගන්න මසකට ඩොලර් කෝටි 10ක් දෙන්න - වෙළෙඳ ඇමැති බන්දුල

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

I සංජීවිකා සමරතුංග

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට සැපයීමට මසකට අමෙරිකානු ඩොලර් මිලියන 100ක් (කෝටි 10ක්) වෙළෙඳ අමාත්‍යාංශයට වෙන් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහුගේ ඉල්ලීම පිළිගන්නේ නම් වසරකට රුපියල් මිලියන 1200ක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට වෙන් කළ යුතුය.
මාස කිහිපයක සිට මෙරටට ආනයනය කළ අල, ලූනු, මිරිස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් හයසීයක් පමණ මේ සතිය වන විට වරායෙන් නිදහස් කරගත නොහැකිව සිරවී තිබේ. ඊට හේතුව රට තුළ ඇති ඩොලර් හිඟයයි. කන්ටේනර් නිදහස් කර ගැනීමට දළ වශයෙන් අදාළ ආනයනකරැවන්ට ඩොලර් මිලියන 3ක පමණ මුදලක් අවශ්‍ය වන බව වෙළෙඳ අමාත්‍යාංශය ගණන් බලා තිබේ.

මෙම අර්බුදකාරී තත්ත්වය ගැන නව මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කොට විසඳීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00