2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

රට ඇරියත් උත්සව තහනම් කරන්න - උපුල් රෝහණ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 17

I ගයාන් ගාල්ලගේ

වර්තමාන සතුටු විය හැකි තත්ත්වය මත රට විවෘත කළත් ජනතාව සහභාගී වන රැස්වීම්, උත්සව ආදිය තවදුරටත් තහනම් කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය. මේ ආකාරයෙන් රෝගීන් වාර්තා වීම අඩුවී ගියේ උත්සව සහ රැස්වීම් තහනම් කිරීම නිසා බවත් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් මරණ සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුව වූයේ එන්නත්කරණය බවත් ඒ නිසා එන්නත ලබා නොගත් හැමදෙනාම ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙසට ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියේය. කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය සතුටු විය හැකි බවත් උපුල් රෝහණ මහතා පැවසීය.