2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ටී. එන්. ඒ මන්ත්‍රී පිරිසක් දුක කියන්න තමිල්නාඩු මහ ඇමැති හමුවට

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 76

I දේශපාලන වාර්තාකරු

දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් ගැන කරුණු කීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් පිරිසක් ලබන සතියේ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් හමුවීම සඳහා තමිල්නාඩුව බලා පිටත්ව යෑමට නියමිතය.

උතුරේ යුද්ධය හමාරවීමෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවට සහන ලැබිය යුතු වුවත් දිනෙන් දින පැවති ආණ්ඩු විසින් ඔවුන් පීඩාවට පත්කළ බව සාක්ෂි සහිතව තමිල්නාඩු මහ ඇමැතිවරයාට දැනුම්දීමට ඔවුන් අපේක්ෂා කරන වගද එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

දැනට රැඳවුම් භාරයේ දිගු කලක් තිස්සේ රඳවා සිටින දෙමළ තරුණ තරුණියන් ගැනද ඔවුනට බන්ධනාගාරයේදී සිදුවන අකටයුතුකම් ගැනද ලොහාන් රත්වත්ත හිටපු බන්ධනාගාර අමාත්‍යවරයා කළ තර්ජනය ගැනද කරුණු දැක්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෛක්කලනාදන්, ඩී. සිද්ධාර්ථන් ඇතුළු දෙමළ සන්ධාන නායකයෝ මෙම ගමනට එක්වෙති.