2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

NEWS බකට්

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 145

සුළු පක්ෂවල මැති ඇමැති පිරිසක් හදිසියේම ඩුබායි යති

I සංජීවිකා සමරතුංග

උතුරු නැගෙනහිර සුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු සහ තවත් මන්ත්‍රීන් පිරිසක් හදිසියේම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. තවත් මන්ත්‍රීන් කිහිප දෙනකු අද හෙටම ඩුබායි බලා යාමට නියමිත බවත් වාර්තා වේ. මොවුන් සියලු දෙනාම පාහේ දෙමළ සහ මුස්ලිම් පක්ෂවලින් පත් වී පසුව රජයට සහාය දීමට ඉදිරිපත් වූ අයයි.

ලොහාන් ගැන පරීක්ෂණයක් කරන්න යැයි පොලිස් ඇමැති කියයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මැදියම් රැයේ ඇතුළු වී සිරකරැවන්ට තර්ජනය කළේ යැයි චෝදනා ලබා ඇති ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධව පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙස විෂය බාර ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

මෙවර අයවැයේ ඉලක්ක පහක්

2022 වසර වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන අයවැය ලේඛනය ප්‍රධාන කරුණු පහක් ඉලක්ක කරමින් සම්පාදනය කෙරෙන බව වාර්තා වේ. සැමට විදුලිය, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය, කොවිඩ් එන්නත්කරණය, අධ්‍යාපන සංවර්ධනය හා සංචාරක ක්ෂේත්‍රය පුබුදුවාලීම එම ප්‍රධාන ඉලක්ක පහයි. 

නීලා වික්‍රමසිංහ මිලානෝ කොන්සාල් ජෙනරාල් ධූරයට?

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝ නුවර කොන්සාල් ජෙනරාල් ධූරයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මෙතෙක් කල් එම තනතුර පුරප්පාඩුව පැවතිණි. මේ දක්වා වසරකට වැඩි කාලයක් ඉතාලි තානාපති ධූරයද පුරප්පාඩුව පවතී.