2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ඩෙල්ටා මාරයා හැම පළාතම ගිලගනී

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 19

I චමිඳු නිසල් ද සිල්වා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකරනු ලැබූ පරීක්ෂණයකට අනුව කොරෝනා රෝගීන්ගෙන් සීයට අනූ පහයි දශම අටක්ම ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගීන් බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ සියයට සීයක් දක්නට ලැබෙන්නේ මෙම ප්‍රභේදය බව එම අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

කොළඹින් ලැබුණු සාම්පලවලින් සියයට සීයක්ම ඩෙල්ටා ප්‍රභේදය බවද සබරගමු පළාතේ සාම්පල අසූ හතෙන් අසූ එකක්, ඌව පළාතේ සාම්පල තුනෙන් තුනක්, උතුරුමැද පළාතේ සාම්පල හැටෙන් පනස් නවයක්, වයඹ පළාතේ සාම්පල විසි දෙකෙන් විසි දෙකක්, නැගෙනහිර පළාතේ සාම්පල සියයෙන් අනූ හතරක්, උතුරු පළාතේ සාම්පල එකසිය විසි තුනෙන් එකසීයය දහතුනක්, දකුණු පළාතේ සාම්පල හැට හතරෙන් හැට තුනක්, මධ්‍යම පළාතේ සාම්පල විසි නමයෙන් විසිහතක්, ඩෙල්ටා ප්‍රභේද වාර්තා වන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00