2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ඩෙල්ටා සමඟ හෘදයාබාධ වැඩිවෙයි! - හෘද රෝග විශේෂඥ ගෝඨාභය රණසිංහ

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 09:59 41

| සුගත් පී. කුලතුංගආරච්චි

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ කලින් කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වාම හෘදයාබාධ ඇතිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙයි. තුන්වැනි රැල්ල ලෙස ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම සමඟ හෘදයාබාධ ඇතිවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර මේ තත්ත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ අවුරුදු 35 – 40ත් අතර මැදිවියේ පුද්ගලයන් සහ අවුරුදු 25ක් පමණ වන තරුණ පුද්ගලයන් අතර බව ඔහු කියයි. මෙහි වඩාත් විශේෂිත ලක්ෂණය වන්නේ මේ රෝගීන්ගේ කොලෙස්ටරෝල් මට්ටමේ වැඩිවීමක් දක්නට නොලැබීමත් ඔවුන්ගේ හෘදය ආශ්‍රිත නාල නිරෝගී මට්ටමක පැවතීමත්ය. මේ නිසාම ඒ තත්ත්වය කොවිඩ් ආසාදනයේ ආසාත්මිකතාවක් ලෙස හඳුනාගත හැකි යැයි හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙයි.

මේ නිසාම නිරෝගී මට්ටමක සිටින පුද්ගලයන් පවා මේ කාලයේ පපුවේ කැක්කුමක්, හතිය හෝ  ඇවිදින විට පපුවේ සිරවීමක් වැනි ලක්ෂණ ඇති වෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.