2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

පාස්තු නඩුවල අධිචෝදනා වෙනස් වෙයි?

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 48

I අධිකරණ වාර්තාකරු

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පනවා ඇති ඇතැම් නඩුවල අධි චෝදනා පත්‍ර සංශෝධනයට ලක් කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

රජය විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන චූදිතයන්ට අදාළ චෝදනා වඩාත් විධිමත් ලෙස සනාථ කිරීමට හැකිවන ලෙස මෙම චෝදනා සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

මෙම නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට මිනිමැරුම් චෝදනා යටතේ නඩු පවරා ඇත. පාස්කු ප්‍රහාරය සහ ඒ ආශ්‍රිත සිද්ධි ගැන දිවයිනේ මහාධිකරණ 4ක චූදිතයන් 25 දෙනකුට චෝදනා 13720ක් යටතේ මේ වන විට නඩු පවරා තිබේ. හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ පාලන කාලයේ පැවරූ මෙම නඩුවලට අදාළ ඇතැම් චෝදනා පත්‍ර සංශෝධනය ඉදිරි නඩු විභාගයන්ට පෙර සිදුකෙරෙනු ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.