2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ජනපති අමෙරිකා යයි

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 35

I සංජීවිකා සමරතුංග

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස තෙවැනි සතියේ අමෙරිකාව බලා පිටත් වනු ඇත.

ජනාධිපති ධුරයට පත්වූ පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා එ.ජා. සංවිධානය අමතන්නේ පළමු වරටය. අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එ.ජා. සංවිධානයේ මහ සමුළුව ඇමතුවේ වසර 2018 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

මෙම මස 21 සිට 23 දක්වා නිව්‌ෙ යා්ර්ක් නුවර එ.ජා. මූලස්ථානයේදී රාජ්‍ය නායකයන් සහභාගි වන මහා සමුළුව පැවැත්වෙයි. ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරැන්ය.