2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ඩොලර් ලැබුණත් රුපියල බසී!

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 312

I යසවර්ධන රුද්රිගු

දැනට මෙරටට ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 1330 හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් නොවී ඩොලරයක වටිනාකම රුපියල් 204.83ට බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 780 හැරුණු විට අනිත් රටවලින් සත්‍ය වශයෙන්ම අපට ඩොලර් නොලැබිම මෙයට හේතුවය. චීනයෙන් ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 400 අපට නොලැබෙන අතර එය එරටින් ලබාගෙන ඇති කොරෝනා එන්නත්වල වටිනාකම එමගින් ආවරණය කරගෙන ඇතැයි සඳහන්ය.

බංගලිදේශයෙන් ලැබුණු බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 150 ණය හුවමාරු පහසුකමක් පමණක් වන අතර එය අපට නිදහස් කළ මුදලක් නොවේ. මෙය අවශ්‍ය අවස්ථාවක ලබාගැනීම සඳහා වෙන්කර ඇති මුදලක් පමණකි.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 780 අපට පමණක් ලැබුණු ආධාරයක් නොව ලොව බොහෝ දිළිඳු ආර්ථික ඇති රටවලට කළ ප්‍රදානයක් පමණක් බවය. ඒ අනුව රුපියලේ අගයේ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට ඩොලර් මිලියන 780 ප්‍රමාණවත් නොවන බව මහ බැංකු ආරාචි මාර්ග වැඩිදුරටත් කියයි.