2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

කොවිඩ් වසංගතයෙන් බිලියන 1500ක් සුන්

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 36

I දේශපාලන වාර්තාකරු

කොවිඩ් වසංගතය නිසා ගතවූ වසරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට සිදුවූ ආර්ථිකමය හානිය රුපියල් බිලියන 1500ක් පමණ වන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට පැවසීය.

කොරෝනා වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට ඒ සඳහා රජය විවිධ වියදම් දැරීය. එන්නත් මිලදී ගැනීම, සහන සේවා, තාක්ෂණික සේවා සැපයීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තුව රජයේ නව වියදම් ලැයිස්තුවට එකතු වූ නව වියදම් විය.

ඊට සාපේක්ෂව කොවිඩ් නිසා රටේ ආර්ථික වර්ධනය අඩාල විය. 2020 වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 5%ක් වූ නමුත් ලැබුණේ ඍණ 4ක වර්ධනයකි. එසේම සංචාරක ආදායම සෙසු අපනයනවලින් ලැබෙන ආදායම, සේවා ආර්ථිකයෙන් ලැබෙන ආදායම, සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථික කටයුතුවලින් ලැබෙන ආදායම සියල්ලම අඩු විය. එමනිසා කොවිඩ් වසංගතයේ බලපෑමෙන් ජාතික ආර්ථිකයට මෙතෙක් සිදුවූ හානිය රැපියල් බිලියන 1500ක් පමණ බව මුදල් ලේකම්වරයා වැඩිදුරටත් කීය.