I ගයාන් ගාල්ලගේ
ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර වශයෙන් කිසිදු ප්‍රතිපත්තියක් නැති වර්තමාන ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වී ඇත්තේ (රිවර්ස්) ප්‍රතිපත්තිය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.
සැප්තැම්බර් 13 හදිසියේ පැමිණෙන ජිනීවා යෝජනාවලියට මුහුණ දීම සඳහා දේශද්‍රෝහී ක්‍රියා රැසක් ආණ්ඩුවේ පස්සා දොරින් සිදුවෙමින් පවතින බවද මන්ත්‍රීවරයා කීය. විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හදිසියේ වෙනස් කිරීම, අත්අඩංගුවේ සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නිදහස් කිරීම, ඊටත් එහා ගොස් ඉතාම රහසිගතව දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවක් පැවැත්වීම දක්වා ආණ්ඩුව රිවර්ස් වී ඇති බව ඔහු සඳහන් කළේය.
වර්තමාන කොවිඩ් තත්ත්වයට පවා හේතුවී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැති තීරණ බවත් එයට හොඳම උදාහරණය වන්නේ කොවිඩ් එන්නත්කරණය 2020 ඔක්තෝබර් මාසයේ සිදුකිරීමට නියමිතව තිබුණත් ඒ වෙනුවට ධම්මික පැණිය වැනි මිත්‍යාවන් පසුපස යාම බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කීය.
මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය අනුව අද වනවිට රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.