I දේශපාලන වාර්තාකරු
ලොව ප්‍රධාන රටවල් තුනකින් ඉන්ධන මාස 6ක ණය පදනම මත ලබාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දේශයට පැවසීය.
ඒ අනුව ඉරානය - ඉන්දියාව සහ චීනය යන රටවල තානාපතිවරුන් මුණගැසුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. මාස 6ක කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීමට දළ වශයෙන් ඇමරිකන් ඩොලර් කෝටි 200ක් (බිලියන 2ක්) පමණ අවශ්‍ය වෙයි. ණය ගිවිසුම සාර්ථක වුවහොත් අපට ඉන්ධන ලබාගෙන ඒවා විකුණා මාස 6කින් මුදල් ගෙවීමට අවකාශ සැලසෙයි.
මේ දක්වා ඊට අදාළව තමන් විසින් පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සුළු වශයෙන් ඉහළ පහළ යන නමුත් පාරිභෝගිකයන්ට සහන දිය හැකි මට්ටමට ඉන්ධන මිල අඩුවී නැතැයිද කීය.