2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

මහාධිකරණ 4ක පාස්කු ප්‍රහාර නඩු 29ක්!

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 32

දේශපාලන වාර්තාකරුI

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඒ ආශ්‍රිත අපරාධ සැලසුමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රධාන මහාධිකරණ 4ක නඩු 29ක් මේ වන විට පවරා ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා දේශයට පැවසීය.

කොළඹ ප්‍රධාන මහාධිකරණය, කෑගල්ල මහාධිකරණය, පුත්තලම මහාධිකරණය සහ මඩකලපුව මහාධිකරණය මෙසේ නඩු විභාග කෙරෙන මහාධිකරණයි. මෙයින් කොළඹ, පුත්තලම හා කෑගල්ල මහාධිකරණවල නඩු විභාග ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ විභාග කෙරෙයි. මෙයින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විශේෂ වන අතර එහි විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධි චෝදනා 13,720ක් යටතේ නඩු පවරා ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර ඉදිරියේදී මෙම නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කෙරෙනු ඇතැයිද හෙතෙම පැවසීය.

 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00