චීනයෙනුත් ඔක්සිජන්
I සංජීවිකා සමරතුංග
දැනට හදිසි භාවිතය සඳහා චීනයෙන්ද ඔක්සිජන් තොග ගණනාවක් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ ගැන දැනටමත් ඖෂධ සංස්ථාව හා චීන තානාපති කාර්යාලය අතර අදහස් හුවමාරැවක් සිදුව ඇතැයි වාර්තා වෙයි. දැනට මෙරටට ඔක්සිජන් ආනයනය කරන්නේ ඉන්දියාවෙනි.
සෞඛ්‍යයේ මහ පුටුවට කඹ ඇදිල්ලක්?
ඉදිරියේදී වෙනසකට ලක්වෙතැයි මෙයට පෙර මාධ්‍ය වාර්තා කර තිබූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වෙයි. ඉන් එක් වෛද්‍යවරයෙක් බස්නාහිර පළාතේ ප්‍රධානම රෝහලක අධ්‍යක්ෂවරයෙකි. අනෙක් තැනැත්තා සෞඛ්‍ය විෂයට සම්බන්ධ අමාත්‍යංශයක ලේකම් ධුරයක් දරන වෛද්‍යවරයකු බව වාර්තා වෙයි. ඔහුගේ නම යෝජනා කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බවද සඳහන්ය. කෙසේ වෙතත් නව තනතුරට කෙනෙක් පත් කිරීම සම්බන්ධව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
ඇඟලුම් ආදායමෙන් බාගයක් නැවතත් පිටරටට
ශ්‍රී ලංකාව විසින් නිෂ්පාදනය කරනු ලබන ඇඟලුම් සඳහා වාර්ෂිකව ලැබෙන අමෙරිකානු ඩොලර් කෝටි 500ක ආදායමෙන් ඩොලර් කෝටි 250ක් පමණ නැවතත් එම රටවල්වලටම ගෙවන්නට සිදුවන බව ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදයේ ආරංචි මාර්ග කියයි. ඇඟලුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදි, නූල්, ඩයි වර්ග ඇතුළු සියලු අමුද්‍රව්‍ය විදේශවලින් ගෙන්වන බැවින් මෙලෙස විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. ඒ අනුව ඇඟලුම් අපනයනයෙන් රටට වසරකට ලැබෙන ශුද්ධ ආදායම ඩොලර් කෝටි 250කි.
අධීක්ෂණ මන්ත්‍රීවරු 58ක් පත්වෙති
රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් 58 දෙනකුට අධීක්ෂණ මන්ත්‍රීධුර පිරිනමා ඇත. ඔවුන්ගේ වගකීම වන්නේ රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන නිශ්චිත ව්‍යාපෘති අධීක්ෂණයයි. මේ අයගේ පත්වීම් ලිපි මේ සතියේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.