2021 ජුලි 31 වන සෙනසුරාදා

නිවෙසේ සිට සේවය කළ සියලු රාජ්‍ය සේවකයන් කාර්යාලයට

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 09:59 15

නිවෙසේ සිට රාජකාරියේ යෙදී සිටි සියලුම රාජ්‍ය සේවකයන් ලබන සඳුදා (02) සිට කාර්යාලවලට කැඳවා අවශ්‍ය රාජකාරි ආරම්භ කරන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

මේ අනුව ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය පරිදි රාජ්‍ය සේවකයන් කාර්යාලවලට කැඳවීම සඳහා වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

මේ අතර මාස තුනකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ඉවත් කරන ලෙසටද යෝජනාවක් ලැබී තිබුණද පසුගිය සිකුරාදා (30) ජනාධිපති කාර්යාලයේදී රුස්වූ කොවිඩ් පාලන කාර්ය සාධන බලකාය ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගෙන නැත. සංචරණ සීමා පිළිබඳ පවතින තත්ත්වය අධ්‍යයනය කොට රජයට වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් බවද වාර්තා විය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00