2021 ජුලි 31 වන සෙනසුරාදා

සජිත් සජබ මන්ත්‍රීට ඉගෙනගන්න දොර අරී

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

| ගයාන් ගාල්ලගේ

සමගි ජන බලවේගය පක්ෂයේ අධ්‍යාපන මට්ටමින් අඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කළ අය සඳහා සහතික පත්‍ර පාඨමාලාවක්ද ඉන් පසුව ඩිප්ලෝමා පාඨමාලා, ඊටත් පසුව උපාධිය දක්වා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකර දීමට මේ හරහා කටයුතු කර ඇත.

මේ වන විට අදාළ මන්ත්‍රීවරුන් සඳහා සුදුසු පාඨමාලා ද හඳුනාගෙන ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00