I සංජීවිකා සමරතුංග
ලබන වසරේ මුල් භාගයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම තවත් වසරකින් පමණ කල් දැමීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට පළාත් පාලන පනතින් පැවරී තිබෙන බලතල ප්‍රකාරව එය සිදුකෙරෙනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.
දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාලනය කරන පළාත් පාලන ආයතන 235ක් පමණ ක්‍රියාත්මකය. එහෙත් වත්මන් රජය බලයට පත්වීමට පෙර වසර දෙකක කාලයක් යහපාලන රජය යටතේ මෙම සභා ක්‍රියාත්මක වූ බැවින් එම කාලයේ පොහොට්ටුවට හිමි පළාත් පාලන ආයතනවලට අවශ්‍ය පරිදි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි වූයෙන් තවත් වසරක කාලයක් ඒ සඳහා ඔවුන්ට ලබාදිය යුතු යැයි රජයේ ප්‍රබලයන් පිරිසක් යෝජනා කර ඇත. එහෙත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැති පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණය එලෙස කල් නොදමා නියමිත පරිදි පැවැත්විය යුතු බවය. මැතිවරණ කාලසටහන අනුව එය පැවැත්වෙන්නේ නම් ලබන ජනවාරි මස 10දා වන විට පළාත් පාලන ඡන්දය කැඳවිය යුතුය.