2021 ජුලි 24 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් ලංකාවත් ලෙබනනයක්! - පා.ම. චම්පික රණවක

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 47

I දේශපාලන වාර්තාකරු

පවත්නා ආර්ථික අර්බුදය නිසා තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාව ලෙබනනය තත්ත්වයට පත්විය හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

රජය විවිධ මවාපෑම් මගින් බොරු ආර්ථික වර්ධනයක් පිළිබඳ චිත්‍රයක් රටට පෙන්නුවද ඉන්ධන සඳහා ගෙවිය යුතු මිල ගණන් මාස ගණන් නොගෙවීම නිසා ඉන්ධන සැපයුම්කරැවන් ශ්‍රී ලංකාවේ ඉන්ධන ඇණවුම් බාර නොගන්නා තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඇතැම් ප්‍රබල වාණිජ සමාගම් බංකොලොත් වී ඇදවැටීමට ලක්වෙමින් ඇතැයි පැවසූ හෙතෙම ඊට හොඳම උදාහරණය ලාෆ් ගෑස් සමාගම බංකොලොත් වීම යැයි ප්‍රකාශ කළේය. ලාෆ් ගෑස් සමාගම බංකොලොත් වීමෙන් පසු ගැස් අලෙවියේ ඒකාධිකාරය කුප්‍රකට ජාවාරම්කරැවන් පිරිසක් අතට පත්වෙමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් කීය.