I සංජීවිකා සමරතුංග
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් සිය නිල රාජකාරි ඉටුකිරීමේදී සද්භාවයෙන් යුතුව ගනු ලබන තීරණ සම්බන්ධව නීතිමය ආරක්ෂාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට ලිඛිත දැනුම්දීමක් කරන අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා රජයේ තීරණය නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව නව වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනතක් කෙටුම්පත් කිරීමටත්, පොදු දේපළ පනත, අල්ලස් පනත, දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු නීති ගණනාවක් සංශෝධනය කිරීමටත් රජය නීති කෙටුම්පත් සම්පාදනයට පියවර ගෙන ඇත. තවද ඉදිරි සති කිහිපය තුළ රාජ්‍ය සේවක ආරක්ෂාව සඳහා වන මෙම නව ආඥා පනත් සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.