2021 ජුලි 24 වන සෙනසුරාදා

පුංචි ඡන්දයේදී ශ්‍රීලනිපය තනිව එන තීන්දුවක

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 154

| ගයාන් ගාල්ලගේ

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තරග කළයුතු බවට යෝජනාවලියක් දිස්ත්‍රික්ක මට්ටමින් සම්මත කිරීමට එම පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් තීරණය කර තිබේ.

දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධායකවරු රැස්ව මෙම යෝජනාවලිය සම්මත කිරීමට තීරණය කර ඇති අතර පසුව එය පක්ෂය වෙත ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් තවදුරටත් ආණ්ඩුව සමඟ එක්ව දේශපාලන කටයුතු නොකර පක්ෂය නැවත තනි දේශපාලන ගමනක් යායුතු බව ඔවුන්ගේ තීරණය වී ඇත.