2021 ජුලි 17 වන සෙනසුරාදා

හොට බිම ඇනෙන ගෙවීමක්!

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

I ව්‍යාපාරික වාර්තාකරු

රජය ලබන බදු ආදායමෙන් 86%ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැයකොට ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා තිබේ.

පසුගිය වසරේ (2020) සංඛ්‍යා දත්ත අනුව රජය ලැබූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 1216කි. එයින් වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් සඳහා වැයකරන ලද මුදල රුපියල් බිලියන 1051කි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කළ 86%කි. රටේ සෙසු සියලු වියදම් වෙනුවෙන් ඉතිරි වන්නේ රුපියල් බිලියන 165ක් තරම් සොච්චම් මුදලකි. එහෙත් වාර්ෂික ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 980ක් අවශ්‍ය කෙරේ.

දැනට ආණ්ඩුවේ ලොකුම බදු ආදායම ලැබෙන්නේ වැට් බද්දෙනි. වසරකට ඉන් ලැබෙන ආදායම (2020දී) රුපියල් බිලියන 233කි. රජයේ වැට් බදු ප්‍රතිශතය වන්නේ 8%කි. ඒ අනුව රටේ ණය පොලී ගෙවීමට වැට් බද්දෙන් ආදායම සොයාගත යුතු නම් දැන් 8%ක්ව පවතින වැට් බද්ද අවම වශයෙන් 32%ක් දක්වා (තවත් හතර ගුණයකින්වත්) වැඩිකළ යුතු යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.