2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

නාගරික අධිකාරියට එරෙහිව මහ ඇමැතිලාගෙන් ගෝරි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49


පළාත් සභාවලට අයත් ඇතැම් රාජකාරි සඳහා නාගරික සංවර්ධන අධිකාරිය බාධාවක් වී ඇති බව දන්වමින් පළාත් මහ ඇමතිවරුන් එක්ව ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට තීරණය කළ බව නම හෙළිකිරීමට අකමැති වූ පළාත් සභා ඇමැතිවරයෙක් දේශයට පැවසීය.

පළාත් සභාව විසින් ගනු ලබන ඇතැම් තීන්දු තීරණ සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ඉල්ලා යැවූ පසු එම ඉල්ලීම් නොසලකා හැරීමටත් නැතහොත් එම කටයුතු ඔවුන් විසින් සිදුකිරීමත් නිසා නිතර ගැටුම් හටගෙන ඇති බව මහ ඇමැතිවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දීමට තීරණය කර තිබේ.

ඒ නිසා හැකි ඉක්මණින් නාගරික සංවර්ධන අධිකාරියත් පළාත් සභාවත් අතර ඇති ගැටුම නතර කිරීම සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට තීන්දු කළ බවද වාර්තා වෙයි.

එසේ නොමැති වුවහොත් පළාත් සභාවල සංවර්ධන කාර්යයන් රැසක් ඇණ හිටිය හැකි බවද එම මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

l ගයාන් ගාල්ලගේ