I ගයාන් ගාල්ලගේ
හෙද වෘත්තිකයන් වෘත්තීය අරගලයක් සඳහා යොමුවුණේ වැටුප් වැඩිකිරීමක් අරමුණු කරගෙන නොව වසර හතක අඩුපාඩුවක් නිවැරදි කිරීමට බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
එනම් වසර හතක සිට ඇතැම් හෙදියන්ට උසස්වීම් නොලැබීම, 2014 වර්ෂයේදී අනුමත දීමනාව ලබාගැනීම සහ වසර හතකින් නොලැබුණු හෙද ඇඳුම් ලබාගැනීමේ අරමුණින් බවද උන්වහන්සේ පැවසූහ.
ඇතැම් අය මේ වෘත්තීය අරගලයට වරදකාරී මුහුණුවරක් ලබාදීම සඳහා උත්සාහ කළත් මෙය වසර හතක අඩුපාඩුවක් නැවත සකස් කිරීමක් බව මුරැත්තෙට්ටුවේ හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.