2021 ජුලි 10 වන සෙනසුරාදා

විදේශ රැකියා රාජ්‍ය ඇමැතිට කම්කරු අමාත්‍යාංශය එපාවෙලා

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

I දේශපාලන වාර්තාකරු

කඩිනමින් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කොට විදේශ අමාත්‍යාංශය යටතට පත් කරන ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙතෙක් කලක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වූයේ කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙසය. එහෙත් පසුගිය කාලය පුරාම කම්කරු අමාත්‍යාංශයේ ඉහළම බලධරයකු සහ රාජ්‍ය අමාත්‍යාංශය අතර බරපතළ ගැටුමක් නිර්මාණය වී තිබිණි. ඇතැම් අවස්ථාවල මෙය උග්‍ර සටනක් සහ විවාදයක් බවට පත්ව තිබූ බවද වාර්තා වෙයි. මේ නිසා රාජ්‍ය අමාත්‍ය ජයරත්න මහතා තම අමාත්‍යාංශය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය පදවිය දරන කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ නොකරන ලෙසත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශයට අනුබද්ධ කරන ලෙසත් ඉල්ලීමක් කර තිබිණි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00