2021 ජුලි 10 වන සෙනසුරාදා

චීනය එන්නතේ මිල බස්සයි?

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

I දේශපාලන වාර්තාකරු

මෙයට පෙර විවිධ ඉහළ මිල ගණන්වලට මෙරටට අලෙවි කළ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා එන්නත දැන් මෙරටට සපයන්නේ එක් එන්නතක මිල අමෙරිකානු ඩොලර් 7 බැගින් බව වාර්තා වෙයි.

නම සඳහන් කිරීමට අකැමැති වූ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රකාශකයෙක් ඒ බව තහවුරු කළේය. ඒ අනුව අවසන් වශයෙන් මෙරටට ආනයනය කළ සයිනොෆාම් එන්නත් මිලියන 2ක සඳහා ගෙවූයේ අමෙරිකානු ඩොලර් මිලියන 14ක් බවද ඔහු පැවසීය. චීනය වරින් වර මතුවන වෙළෙඳපොළ සාධක අනුව එන්නත් මිල ගණන් වෙනස් කරයි. අමෙරිකානු ඩොලර් 7ට දැන් ලැබෙන එන්නත මෙයට පෙර වරින් වර අලෙවි කෙරුණේ ඩොලර් 10ත් 20ත් අතර මිල පරාසයකය. එහෙත් මෙවර අයකර ඇත්තේ එක් එන්නතකට ඩොලර් 7ක් බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00