2021 ජුලි 10 වන සෙනසුරාදා

ලංකාවේ කොවිඩ් සුවවීම ඉහළ යයි!

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 135

| සුගත් පී. කුලතුංගආරච්චි

ලංකාවේ දෛනිකව කොවිඩ් සුවවන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව මෙරට සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි. එය සියයට 88.6කි. දිනපතා අලුතෙන් හඳුනාගන්නා අසාදිතයන් ගණනට සාපේක්ෂව සුවවීමේ ප්‍රමාණය සැළකිය යුතු ඉහළ මට්ටමක පවතින බව මේ දත්ත තහවුරු කරයි. නිදසුනක් ලෙස පසුගිය ජූනි 30 අලුතෙන් හඳුනාගත් අසාදිතයන් ගණන 1864ක් වනවිට ඒ දිනයට අදාළ සුවවූ ගණන 2481කි. පසුගිය ජූලි 04දා අලුතෙන් හඳුනාගත් අසාදිතයන් ගණන 1573ක් වනවිට ඒ දිනයට අදාල සුව වූ ගණන 1923කි. නමුත් මෑතක සිට පැතිර යන ඩෙල්ටා මාදිලියේ බලපෑම හේතුවෙන් මේ තත්ත්වය උඩු යටිකුරු විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

දැනට පැතිර යන ඩෙල්ටා ආසාදිත වූවන්ගෙන් 5% වඩා අසාධ්‍ය තත්වයට පත් වන බවත් 2%ක් ජීවිතක්ෂයට පත්විය හැකි බවත්  ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ  සභාපතිනි  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙයි. තවත් සති දෙකකින් පමණ මෙම තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බව කියන ඇය දැනට කොරෝනා අඩුවීමක් පෙන්නුම් කරන්නේ පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සංචරණ සීමා නිසා බවද මේ  අවස්ථාවේදී රට තුළ එන්නත්කරණය ඉතා වේගවත් කළ යුතු බවද අවධාරණය කරයි.