2021 ජුලි 03 වන සෙනසුරාදා

මේ ආණ්ඩුව සල්ලි අච්චු ගසා සෞභාග්‍යය පෙන්වනවා

 2021 ජුලි 03 වන සෙනසුරාදා, ප.ව. 10:01 67

- සුනිල් හඳුන්නෙත්ති 

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ දක්වා රැපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

මෙම ආණ්ඩුව පත්වන විට භාණ්ඩාගාර බිල්පත් බිලියන 116 ක් නිකුත්කොට තිබූ බවත් එය අද වනවිට බිලියන 1115 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය.
සෞභාග්‍යයේ දැක්මක් සඳහා යන බව පවසමින් පැමිණි ආණ්ඩුව දැන් තමන්ගේ සෞභාග්‍යය පෙන්වන්නේ මෙලෙස මුදල් අච්චු ගැසීමෙන් බවත් මේ නිසා භාණ්ඩ මිල අධික ලෙස තව තවත් ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.