2021 ජුලි 03 වන සෙනසුරාදා

පළාත් සංචරණ සීමා ඉවරයි

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

 

දේශපාලන වාර්තාකරු |

ජූලි 5 වැනිදා (හෙට) දක්වා ක්‍රියාත්මක වන පළාත් සංචරණ සීමාව එදින සිට ඉවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෝවිඩ් තුන්වැනි රැල්ල ආරම්භ වී වරින්වර දීර්ඝ කෙරුණු සංචරණ සීමා ලිහිල් වීමෙන් පසුව පළාත් අතර සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ලබාදීමට තීරණය කර තිබිණි. එහෙත් පවතින ප්‍රායෝගික ගැටලු සලකා බලා හෙට දිනයේ සිට පළාත් අතර සංචරණ සීමාද ඉවත් කිරීමට පසුගිය සිකුරාදා රැස්වූ කෝවිඩ් පාලන කාර්ය සාධක බළකාය තීරණය කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.