2021 ජුලි 03 වන සෙනසුරාදා

කළු කඩේ ඩොලරය නහුතෙට නගී

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 256

I ව්‍යාපාරික වාර්තාකරු

කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළුකඩ මුදල් වෙළෙඳපොළේ) අමෙරිකානු ඩොලරය දැනට අලෙවි වන්නේ රුපියල් 222/-ත් රුපියල් 225/- අතර මිලකටය. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ වාණිජ බැංකු විසින් ඩොලරයට නියම කර තිබෙන මිල රුපියල් 199/-ත් රුපියල් 202/- අතර පවතී.

කළුකඩ මුදල් වෙළෙඳාම සරුවට කෙරෙන කොළඹ වෙළෙඳ වීදිවල මුදල් හුවමාරු මධ්‍යස්ථානවල ඩොලර් මිල ගණන් මෙතරම් විශාල ලෙස ඉහළ ගොස් ඇත්තේ වාණිජ බැංකුවල පවත්නා ඩොලර් හිඟය නිසා බවද පැවසේ. අනාගතයේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඩොලරයේ මිල ඉහළ යනු ඇතැයි යන අනාගත ආර්ථික අපේක්ෂාව නිසා කළුකඩවල කොළඹ වීදිවල මුදල් වෙළෙන්ඳෝ මෙලෙස ඉහළ වටිනාකම්වලට ඩොලර් අලෙවි කරති. ඒ සඳහා කිසියම් ඉල්ලුමක් පවත්නා බවද අප කළ නිරීක්ෂණවලදී හෙළිදරව් විය. එහෙත් මෙය නීතිවිරෝධි බවට මහ බැංකුව ඔවුනට අවවාද කර ඇත. ඒ අය මෙලෙස විනිමය අලෙවි කරන්නේ රජයෙන් ලබාගත් බලප්‍රතයක් අනූවය.