2021 ජුනි 26 වන සෙනසුරාදා

ආණ්ඩුවේ පසුපෙළින් බාල්දියක්

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:03 374

I දේශපාලන වාර්තාකරු

ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් හා සමහර ආයතන ප්‍රධානීන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිසිසේත් ගණන් නොගන්නා බවත් රටේ පොදු ප්‍රශ්න විසඳීමට කිසිසේත්ම මැදිහත් නොවන බවටත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් 25 දෙනෙක් පමණ ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායකවරයාට පැමිණිලි කළහ.

පසුගියදා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මුණගැසුණු මෙම මන්ත්‍රී පිරිස රටේ පොදුජන ප්‍රශ්න ගැන රජය සංවේදී නොවීම නිසා තමන්ට ජනතාවට මුහුණදීමට නොහැකි වී ඇතැයිද කීහ. ඉන්ධන මිල, පොහොර හිඟය, ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා ඉටු නොකිරීම මෙහිදී දැඩිව අවධාරණය කර ඇති මන්ත්‍රීවරු තමන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන රාජ්‍ය නිලධාරීන් ගැන කොපමණ පැමිණිලි කළත් වගකිවයුතු අය ඒවා තඹයකට ගණන් නොගැනිම ලොකු අර්බුදයක් බව පැවසූහ.

ඇතැම් මහ දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පවා රජයේ සැලසුම් පසුපසට අදින බව සාධක සහිතව පෙන්වා දී ඇති වග මෙම මන්ත්‍රී පිරිස ජොන්ස්ටන් අමාත්‍යවරයාට පැමිණිලි කළහ. තමන්ගේ සාධාරණ ඉල්ලීම්වලට සංවේදී නොවන ආණ්ඩුවට තමන් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද දීමට පමණක්ද කියාත් ඔවුන් විමසා ඇතැයි වාර්තා වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01