සුගත් පී. කුලතුංගආරච්චි |
කොවිඩ් 19 නිසා රෝහල් ගත වීමේ අවදානම 70කින් අඩු කිරීමට සමත් නවතම ප්‍රතිදේහ කොක්ටේලයට මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත.
ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරන උදාසීන කළ ප්‍රතිදේහ දෙකක මිශ්‍රණයක් වන මෙම REGN-COV2 ප්‍රතිදේහ කොක්ටේලය අධි අවදානම් රෝගීන්ගේ ජිවිත අහිමිවීම 71ක්ද රෝග ලක්ෂණ පෙන්වන කාලසීමාව සතියක් දක්වාද අවම කරන බවද තහවුරු වී තිබේ.
දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, ජපානය සහ යුරෝපා සංගමයේ රටවල් වන ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය, බෙල්ජියම, එස්තෝනියාව, අයිස්ලන්තය, චෙක් රිපබ්ලික් සහ යුරෝපා නොවන රටවල් වන ඊශ්‍රායලය සහ සර්බියා යන රටවල හදිසි භාවිතය සඳහා මෙයට අනුමැතිය ලැබී තිබේ.
මෙහි ඇති සූවිශේෂීම වැදගත්කම වන්නේ මෙම ප්‍රතිදේහයන් නිර්මාණය කර ඇති විශේෂ ආකාරය නිසා REGN-COV2 මිශ්‍රණයට කොවිඩ් 19 වෛරසයේ වෙනස් වෙන නව ප්‍රභේදයන් හට සාර්ථකව මුහුණ දීමට ඇති ප්‍රබල හැකියාවයි. ඒ හැකියාව නව ප්‍රභේද කොතෙක් පැමිණියද නොවෙනස්ව පැවතීමයි.